දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විෂයභාර අමාත්‍යවරයා සමඟ අද (30) දිනයේ ඔවුන්ගේ පරිපාලන ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව එම සංගමය සඳහන් කරයි.
එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම සාකච්ඡා අසාර්ථක වුණහොත් අද (30)මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයකට යා හැකි බවයි .
එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ ඊයේ ( 29 ) දින පැවැති සාකච්ඡා අසාර්ථක බවයි .