මස්කෙළිය ආශ්‍රිත ප්‍රදේශයන් තුල දුරකථන රැහැන් කැපු පුද්ගලයන් හතර දෙනකු සමග කපන ලද රැහැන් තොගයක් මස්කෙළිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 2022 වර්ෂයේ සිට විටින් විට මස්කෙළිය සිට නල්ලතන්නිය, මරේ, ලකම්, යන ප්‍රාද්ශවලට ඇද ඇති දුරකථන රැහැන් කපන බවට හැටන් ටෙලිකොම් මධ්‍යස්ථානය විසින් පැමිනිලි කිපයක් ලැබි තිබු බවත්ය.
මෙසේ මෙම මාර්ගවල දුරකථන රැහැන් කැපිමත් සමග නල්ලතන්නිය පොලිස් ස්ථානය ඇතුළු දුරකථන ග්‍රාහාකයන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවත් මෙම තත්වයන් මත විටින් විට දුරකථ රැහැන් යෙදිමට සිදුවිමෙන් ටෙලිකොම් ආයතනයද දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවටද එම පැමිනිලිවල සටහන්ව ඇති බවද එම නිලධාරියා පැවසිය.
මෙම පැමිනිලි මත හැටන් පොලිස් අධිකාර නිපුන දෙහිගම මහතාගේ වීශේෂ උපදෙස් මත මස්කෙළිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පුෂ්පකුමාර මහතාගේ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් කරන ලද වීශේෂ මෙහෙයුමකදි මෙසේ දුරකථන රැහැන් කැපිමට සම්බන්ද සැකකරුවන් හතර දෙනකු සමග කපන ලද දුරකථන රැහැන් තොගයක් මස්කෙළිය බ්‍රවුන්ලෝ වතුයායේදි අත් අඩංගුවට ගැනිමට හැකිවු බවද එම නිලධාරියා පැවසිය.
අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් අවුරුදු 44, 38, 31, 19 යන වයස්වල පසුවන අය බවත් මෙම සැකකරුවන් සන්තකයේ තිබි තබ ක්‍රිලෝ ග්‍රැම් 7.5ක් කම්බි ක්‍රිලෝ ග්‍රැම් 27.5ක් ඇළුමිනියම් ක්‍රිලෝ ග්‍රැම් 5ක අත් අඩංගුමට ගත් බවත් මෙසේ අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts