වසර ගණනාවකට පසුව දිස්වන දුර්ලබ ගණයේ වළයාකාර සූර්යග්‍රහණය දැකබලා ගැනිමේ අවස්ථාව අද උදාවෙයි.

අද පෙරවරු 08.10න් පසුව මෙම සූර්යක් ග්‍රහණය දැකබලා ගැනිමට හැකියාව පවතින බවයි ශ්‍රී ලංකා ග්‍රහලෝකගාරයේ තාරකා විද්‍යා ප්‍රදර්ශක නාලක අබේසේකර මහතා සදහන් කළේ.

අවසන් වරට මෙවැනි සූර්යක් ග්‍රහණයක් 2010 වර්ෂයේදී දර්ශනය වී ඇති අතර නැවත වරක් මෙවැනි සූර්යක් ග්‍රහණයක් දැකබලා ගැනිමට හැකියාව පවතින්නේ 2031 වර්ෂයේ විම විශේෂත්වයක්.

මෙම සූර්යක් ග්‍රහණය දිස්වන්නේ ලෝකයේ රටවල් කිහිපයකට පමණක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට එය පැහැදිලිව දැකබලා ගැනිමේ අවස්ථාව උදාවන බවයි නාලක අබේසේකර මහතා සදහන් කළේ.

ඉලිප්සාකාර කක්ෂයේ චන්ද්‍රයා පෘථිවියට වඩාත්ම ඈතින් පිහිටන විටකදී සුර්යග්‍රහණයක් සිදුවහොත් වළයාකාර සූර්යග්‍රහණයක් සිදු වේ.

මෙම අවස්ථාවේදී සඳ සාපේක්‍ෂව කුඩාවට පෙනෙන අතර අතර සූර්යයා පූර්ණ ලෙස ග්‍රහණය නොවී ගිනි වලල්ලක් වටේට පිහිටන සේ හිරු තැටිය මත චන්ද්‍රයා කළු ලපයක් සේ දිස්වේ.

සූර්යග්‍රහණය පියවි ඇසින්, දුරේක්ෂයක් මගින්, එක්ස්රේ කාඞ්පත් මගින් හෝ වෙනත් එවැනි නොගැලපෙන ආකාරයන්ගෙන් නිරීක්ෂණය නොකරන්නැයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

More Stories