සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගය කඩුලු 3කින් ජයග්රහණය කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
පල්ලෙකැලේ ක්රිකට් ක්රීඩාංගණයේ පැවති තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කරනලදි.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 209ක් පමණයි.
පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ සහ මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැගින් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 46ක් අවසානයේ කඩුලු 7ක් දැවී සිටියදී ජයග්රාහී ඉලක්කය පසු කළා.
එහිදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් සහ මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 27ක් ලබා ගත්තා.
ඒ අනුව මෙම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2 – 0ක් ලෙස තරගාවලිය ජයග්රහණය කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වසර 12කට පසු ශ්රී ලංකා කණ්ඩායම ලබා ගත් පළමු එක්දින තරගාවලි ජය මෙයයි.