දේශගුණික කලාප අනුව රට තුළ අලුතෙන් උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළේය.
ගාල්ල, වවුනියාව, අම්පාර, පොලොන්නරුව, දෙණියාය යන ප්‍රදේශවල එම උද්භිද උද්‍යාන ව්‍යාපෘති ඇති කිරීමට සැලසුම් කර ඇති බව ද අගමැතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

“උද්භිද උද්‍යාන 10ක් පිහිටවීමට සැලසුම් කරලා තියෙනවා. මේ වන විට උද්භිද උද්‍යාන ව්‍යාප්ති සැලසුම් කර ඇති ආකාරය, ගාල්ල – අක්මීමන කඩොලාන උද්භිද උද්‍යාන වව්නියාව උද්භිද උද්‍යානය අම්පාර, පොළොන්නරුව සහ දෙණියාය වැනි ප්‍රදේශවල සැලසුම් ගතව අපි අද ඉලක්ක ගත කරලා තිබෙනවා. ඒ විෂය පිළිබඳ මනා දැනුමක් ඇති ඒ කේෂ්ත්‍රයේ කාලයක් යෙදී කටයුතු කළ අය. ඒ නිසා එහි ප්‍රයෝජනය ප්‍රදේශවාසීන්ට පමණක් නොව රට පුරා විහිඳී සිටින ජනතාවටත් ඒ වගේම පාසල් යන දරුවන්ටත් ප්‍රයෝජනයට පරිවර්ථනය කරගන්න පුළුවන් වූ ඉලක්කයන් කරා අපි වැඩකරනවා.”

Similar Posts