විදෙස් ගමන් බලපත්‍ර

ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ පොත් අවසන් වීමත් සමග දෛනිකව නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර ගණන 250 කට සීමා වී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම දින වේලා වෙන්කර නොගනිමින් පැමිණෙන පාස්පෝට් අයැදුම්කරුවන් 30 දෙනකු සඳහා පමණක් පාස්පෝට් නිකුත් කිරීමටද පියවර ගෙන තිබේ. ගුවන් ගමන් බලපත්‍ර ඊ පාස්පෝට් ක්‍රමවේදයට සිදුකිරීමට ගත් තීරණයත් සමග මේ වසර සඳහා අවශ්‍ය ගුවන් ගමන් බලපත්‍ පොත් මිලදීගෙන නොතිබිණි.

කෙසේ වෙතත් ජූලි මාසයේදී ලැබීමට තිබූ ඊ පාස්පෝට් පොත් ඔක්තෝබරය දක්වා ප්‍රමාද වීම මත ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු පාස්පෝට් පොත් ප්‍රමාණය ශේෂ වීමට පටන්ගෙන තිබිණි. මේ හේතුවෙන් පාස්පෝට් නිකුත් කිරීම උපරිමයෙන් සීමා කිරීමට පියවරගෙන ඇත.

දෛනිකව පාස්පෝට් 1,300ක් පමණ මුද්‍රණය කළත් මේ වන විට එය 250ත් 300ත් අතර ගණනකට පහත වැටී ඇත.

Similar Posts