Similar Posts
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොවිඩ් ආසාදිතයන් දැඩි අර්බුදයක
කොරෝනා ආසාදිතයන් 474 දෙනෙකු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයන් අතරින් හඳුනාගෙන තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ. පසුගිය 19 වනදා කළ PCR පරීක්ෂණ 1,100 ක් අතුරින් අදාළ පිරිස හඳුනා ගෙන ඇත. වසර තුනකට වරක් සිදුකෙරෙන පිරිපහදුවේ නඩත්තු කටයුතු මේ දිනවල සිදුවේ. එබැවින් වෙනදාට වඩා වැඩි…
වාහන මිල පහළට
මෙරට වෙළඳපොළේ වාහන මිල වේගයෙන් පහළ බසිමින් ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වාහන මිල අඩු වීමට හේතු වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යාම, අමතර කොටස් හිගය ඇතුළු කාරණා බව සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය. ඇක්සියෝ, ප්‍රිමියෝ, රයිස්, සීඑච්ආර්, වෙසල්, වැගන් ආර්, පැසෝ, විට්ස්, ග්‍රේස් ආදී මෝටර් රථ කාණ්ඩ ගණනක මිල…
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි
භූමිතෙල් ලබාදෙන ලෙස බලකරමින් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය මල්ලිවෙප්පු ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් විරෝධතාවක නිරතව සිටි. හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හලකින් අද (25) භුමිතෙල් මිලදී ගැනිමේ අපේක්ෂාවෙන් පෝලිම්වල රැඳීසිටි දෙදහසක් පමණ පිරිස මෙලෙස මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටින බව අප වාර්තාකරු පවසයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම සහ වයඹ පළාත්වල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එහි සඳහන්. නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි…
රජයට මිලියන 198ක හිඟ සුරා බදු ලැබෙයි
ව්‍යාජ ස්ටිකර් හඹා ගොස් ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව මගින් නිර්දේශ කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දුරට ඒ ව්‍යාජ ස්ටිකර් භාවිතය අඩු වී තිබෙන බවත්, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එමෙන්ම ඒ ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම ද ඉහළ නැංවී ඇති…
ඩෙල්ටා+ 100%ක් වළක්වන්න බෑ
ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය මෙරට ව්‍යාප්තවීමට බොහෝ විට විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයන් හේතුවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එම ප්‍රභේදය මෙරටට ඇතුළු වීම ප්‍රමාද කළ හැකි වූවත් 100%ක් නැවැත්විය නොහැකි බවත් යම් හෙයකින් ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණිය හොත් එහි පැතිරීම…