sea

1960 දශකයෙන් පසු මෙරටට පැමිණි සීනෝස් සමාගම විසින් ෆයිබර් තාක්ෂණය භාවිතා කොට බෝට්ටු නිෂ්පාදනය ආරම්භ කරන ලදී.
අද වන විට ඔවුන් අඩි 55ක් දක්වා යාත්‍රා නිෂ්පාදනය කරන අතර, නව ධීවර පනත ක්‍රියාත්මක වුවහොත් ධීවර යාත්‍රා ආනයනය කිරීමට නියමිත අතර එසේ ධීවර යාත්‍රා ආනයනය කළහොත් එමගින් අප රටේ ධීවරයින්ට විශාල බලපෑමක් සිදු වේ. ජාත්‍යන්තර සමුද්‍රීය ආයතනය විසින් අනුමත තත්ත්වයන්ට අනුව ධීවර යාත්‍රාවක් වීමට නම් මීටර් 24.5ට වඩා (අඩි 80ත් 100ත් අතර) වැඩි විය යුතුවේ. එවැනි යාත්‍රා ආනයනය කොට ඒවාට බලපත් ලබාදිමට ක්‍රමවේදයක් සැකසුවහොත් එයින් ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවට විශාල බලපෑමක් වන බව එක්සත් ජනරජ පෙරමුණේ කාරක සභික, සාගර සම්පත් විශ්ලේෂණ සඳහා වූ ආයතනයේ විධායක අධ්‍යක්ෂ අයේශ් ඉන්ද්‍රනාත් රණවක මහතා එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ මුලස්ථානයේ දී අද (01) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

එහිදී අයේශ් ඉන්ද්‍රනාත් රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්..

තනි තනිව විශාල ධීවර යාත්‍රා වලට යෑමට නොහැකි නිසා ධීවර ජනතාව එකමුතුව පොකුරු සමාගම් ඇතිකොට හෝ විශාල ධීවර යාත්‍රා භාවිතා කිරීමට ක්‍රමවේදයක් ඇති කර ගත යුතුයි.

අපේ රටේ මෙන් තනි තනිව නොව ලෝකයේ වෙනත් රටවල ඒ ආකාරයට ඇති කරගත් ආයතන මගින් ධීවර ක්ෂේත්‍රය පාලනය කරනු ලැබේ.
එසේ නොමැතිව ධීවර කටයුතු භාර ඇමතිවරයෙක් හෝ ධීවර දෙපාර්තමේන්තුවක් විසින් ධීවරයින් පාලනය හෝ සුභ සාධනය සිදු නොකරන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

1996 සිට තිබූ පනත නව පනතත් සමඟ අහෝසීවීමෙන් පැරණි පනතට අනුව සිදු කළ වැරැදි කළ අයට දුන් දඬුවම් වලට කුමක් සිදුවේද යන ගැටලුව සේම මේ නව පනතෙන් හඳුන්වා දෙන කෝටාව විශාල ව්‍යවසනයක් වන බව නිසැකය.

ශ්‍රී ලංකාව වෙරළ කළාපීය රටක් වන අතර ධීවර ප්‍රජාව මිලියන 30ක් සෘජු හා වක්‍රාකාරයට ධීවර කටයුතු වලට සම්බන්ධව කටයුතු කරනු ලැබේ.
බලයාට එක සලාක ක්‍රමයක්, කෙළවල්ලාට තවත් සලාක ක්‍රමයක්, තෝරාට තවත් සලාක ක්‍රමයක් විදියට මත්සයින් අනුව සලාක බෙදීම සංකීර්ණ ක්‍රියාවලියක්.

“උදාහරණයක් විදියට අපි බලයා මාලුවා කියලා හිතමු. බලයා විතරක් ඇල්ලීමට අවසර ලැබෙන ධීවරයෙක් මූදූ ගියාම, බල මාළුවා හිතලාම ඉදියිද මාව අල්ලන්නේ එයා කියලා.”

එමෙන්ම නව පනතේ ඇති කෝටා බෙදීම වගේම අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු පිරිසට පැවරී ඇති බලතලත් ඇමතිවරයාට ඇති බලතලත් මේ පනතෙන් ඉවත් විය යුතු යැයි වැඩි දුරටත් සඳහන් කළේය.

මේ පනත මගින් අදාළ ක්ෂේත්‍රයට ගොස් රාජකාරී ඉශ්ට කරනවා වෙනුවට කාමරයක සිට අත්සන් කොට ධීවර කටයුතු කළමනාකරණය කිරීමේ අරමුණින් පිටු 171කින් යුතුව මෙම පනත සකසා තිබේ යැයි ඔහු සඳහන් කළේය.

එමෙන්ම මේ පනත මගින් ධීවර යාත්‍රා ආනයනයනට අවසර ලබා දී තිබේ. එයින් අපේ රටේ ධීවර යාත්‍රා සකසන කර්මාන්තයට කන කොකා හඬවන අතර ඒ වෙනුවට පසු අස්වනු තාක්ෂනය වැඩි දියුණු කර ගැනීම,අපතේ යන මත්ස්‍ය ප්‍රමාණය අවම කර ගැනීම, අපනයන මත්ස්‍ය කොටස් වැඩි කිරීම වැනි දේවල් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බවත් ‍යෝජනා කරන ලදි.

එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සභික, මොරටුව හිටපු නාගරික මන්ත්‍රී සජිත් දුමින්ද පීරිස් මහතා, මාධ්‍ය හමුව අමතමින් දැක්වූ අදහස්..

මේ රටේ ධීවරයින්ට යුක්තිය ඉශ්ට කරන්නට කියා, තම බෝට්ටුව සාගරයට රැගෙන යෑමට අවශ්‍ය කරන භූමිතෙල් සහනාධාරය ලබාදෙන ලෙස ඉල්ලීම් කළ හලාවත ඇන්ටනීට යුක්තිය ඉශ්ට කළ ආකාරය අපි හැමෝම දැක්කා..ඔහු ඉල්ලූ භූමිතෙල් සහනය වෙනුවට එවකට ආණ්ඩුවෙන් ඔහුට ලබා දුන්නේ ටී 56 වෙඩි උණ්ඩ.

එවකට ආණ්ඩුවෙන් ඉල්ලීම් කරලා වෙඩි පහර කෑ ඇන්ටනි වෙනුවෙන් යුක්තිය ඉශ්ට කරලා දුන්නේ විදුලි බල හා බලශක්ති ඇමතිතුමා විදියට එක්සත් ජාතික පෙරමුණේ නිර්මාතෘ පාඨලී චම්පික රණවක මැතිතුමා..

“එදා ඇන්තනීලා ඉල්ලුවේ භූමිතෙල් ලීටරය රුපියල් 5කින් අඩු කරලා දෙන්න කියලා.. ඒ ඇන්තනීලාට යුක්තිය ඉෂ්ට කරන්න එදා රුපියල 110ට තිබුනු භූමිතෙල් ලීටරය රුපියල් 66ට අඩුකරලා දුන්නේ චම්පික රණවක මැතිතුමා..”

මෙම මාධ්‍ය හමුව සඳහා රැකියා අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සාමාජික අමින්ද සඳුන් කුමාර මහතාද සහභාගී විය.

ප්‍රශ්නය: ධීවර ක්ෂේත්‍රය පිළිබඳ, ඒ කියන්නේ සාර්ථකව මත්ස්‍යයින් නිශ්පාදනය කිරීම වගේ දේවල් උගවන්න ක්‍රමවේදයක් අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා නේද.?

පිළිතුර: දැනට එහෙම නිසි ක්‍රමවේදයක් හෝ පද්ධතියක් නැහැ..මැරීන් බයොලොජි කියලා එක පැත්තක් තියෙනවා..ධීවර ක්ෂේත්‍රය මූලික කරගෙන සාගර ආර්ථිකයක් බිහි කිරීමේ අරමුණින් ocean university කියලා එකක් දැනටමත් තියෙනවා. එයින් කළ යුතු වන්නේ ධීවර පවුල්වල දරුවන් z score එකෙන් පොඩ්ඩක් අඩුනම් ඔවුන්ට හරියන විෂය පථයක් සකසලා ඒක ඉගෙන ගැනීමට අවස්ථාව දෙන්න ඕන. ඊට අදාළ ඩිග්‍රි එකක් දෙන්න ඕන. ඒත් මෙහේ තියෙන ocean university කරන්නේ අනවශ්‍ය උපාධි පිරිනමන එකයි. ධීවර ජනතාවටනේ ඒකෙ අවස්තාව දිය යුත්තේ.

ප්‍රශ්නය: ocean university එකෙන් උපාධිය ගත් අයගෙන් අපේ රටට මොන වගේ ප්‍රයෝජනයක්ද තියෙන්නේ.?

පිළිතුර: Marine engineering කියලා ocean university එකේ ඩිග්‍රි එකක් තියෙනවා. ඒ ඩිග්‍රි එක ලෝකේ පිලි අරගෙන තියෙන්නේ නැව් වල සේවය කරන්න යන්නයි.
ඒත් අපේ රටේ තියෙන ඩිග්‍රි එක කළාට එක ළමයෙක්ටවත් නැව් වලට යන්න බැහැ.මොකද ඒ ඩිග්‍රි එක IMO එකෙන් පිළිගන්නේ නැහැ.එයාලා දාලා තියෙන ක්‍රම වේදයන් වලට අනුගතව නෙවෙයි අපේ ඩිග්‍රි එක හදලා තියෙන්නේ.
තමන් marine engineer කෙනෙක් කියලා කියන්න පුළුවන් ඒත් වෙනනම් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ..අද වන විට marine engineer කෙනෙක්ට අන්තර්ජාතික වශයෙන් ඩොලර් 15000ක් 20000ක් වැටුප් ලැබෙනවා. එහෙම යන්න අපේ රටේ අය පුරුදු පුහුණු කරන්න ඕනනේ. අපේ රටේ මේ ඩිග්‍රි එක කළාට එහෙම වෙන්නේ නැහැ කියන එක හරිනම් ළමයින් දැනුවත් කරලයි ගන්න ඕන. ගොඩාක් ළමයින් ඒ ඩිග්‍රි එක කරලා තියෙන්නේ නැව් වලට රැකියාවට යන්න පුළුවන් වෙයි කියලා මට පුද්ගලිකව ගොඩාක් ළමයින් කියලා තියෙනවා. නමුත් නැවකට නගින්නවත් බැහැ..නැවකට නගින්නනම් CDC එකයි මේ ඩිග්‍රි එකයි අරන් ඔයිලර් හැටියට හෝ ෆිටර් හැටියට අවුරුදු 3ක් අශ්ව බල 3000කට වැඩිය නැවක සේවය කරලා, පළපුරුද්ද හදාගෙන එයාලට තර්ඩ් ඉංජිනියර් කියන විභාගයට ඉන්න ඉඩ හදාගන්න පුළුවන්. ඒකෙන් සමත් වුනොත් තර්ඩ් ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒකටත් තව අවුරුදු 3ක් යනවා.එතකොට කලින් අවුරුදු 4යි එතන අවුරුදු 3යි එක්ක අවුරුදු 7ක් ගතවෙලා ඉවරයි එහෙම යන ළමයෙක්ට..ඒ නිසයි මම කියන්නේ මේ දේවල් නිසි ආකාරයට සැකසීමට කවුරුන් හෝ ක්‍රියා කළ යුතුයි කියලා.

More Stories