හැටන් නගර මධ්‍යයේ ඉදි කර ඇති ඔරලෝසු කණුව දැනට දිගු කලක සිටම අක්‍රිය තත්වයේ පැවතිම පිලිබදව ප්‍රදේශයේ ජනතාව දැඩි අප්‍රසාදය පලකර සිටිති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ඔරලෝසු කණුවේ වේලාවන් සටහන්වන ඔරලෝසු සදහා ගෙවිය යුතු විදුලි බිල නොගෙවිම හේතුවෙන් එහි විදුලිය විසන්ධි කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මෙහි විදුලි බිල ගෙවන ලෙස එහි ලේකම්වරයා විසින් අදාල නිලධාරින්ට උපදෙස්දි තිබුනද එයට අදාල නිලධාරියා එම විදුලි බිල ගෙවිම තව දුරටත් කල් දැමිම හේතුවෙන් මෙම තත්වයන් උදාවි ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මේ පිලිබදව සොයා බලා කඩිනමින් එම විදුලි බිල ගෙවිමට පියවර ගන්නා බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

More Stories