poya

නවම් පුර පසලොස්වක පොහොය අද (08) ට යෙදී ඇත.

ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ සේනාව රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේ අද වැනි නවම් පොහොය දිනයක දී ය.

තවද බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේලුවනාරාමයේ දී සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම, බුදුන් වහන්සේ පිරිනිවනට මාස තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත්හැරීම ආදී ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කිහිපයක් නිසා නවම්පුර පසළොස්වක පොහොය ශ්‍රී ලංකාවාසීන්ට වැදගත් වේ.

“ඕවාද ප්‍රාතිමෝක්ෂ” දේශනාව නවම් පුන් පොහොය දින රජගහ නුවර වේළුවනාරාමයේ පැවති සංඝ සම්මේලනයේ දී දේශනා කරන ලදී.

More Stories