හත් වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය ධූරයේ වැඩ භාර ගනු ලැබීය.

මේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් ද එක්ව සිටියහ. මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු සිය නිල කාර්යාල වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

More Stories