එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය දේශපාලන පක්ෂ සමග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (1) දින අත්සන් කෙරෙන අවබෝධතා ගිවිසුමට හිටපු ජනාධිති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියත් එක් වන බව විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග කියයි.

එම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම වෙනුවෙන් එතුමිය අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ. පොහොට්ටුවේ අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් පරාජය කොට පොහොට්ටු පක්ෂය විසින් ගිල ගැනීමට යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගත යුතුය යන්න ඒ මහත්මියගේ ස්ථාවරය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් ලබන 5 වන දින සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැරැකීමේ සංවිධානයේ සම්මේලනයටද ඒ මහත්මිය සහභාගිවීමට නියමිත අතර එම සම්මේලනයෙන් පසු ඉදිරි කාලයේ පොහොට්ටුවේ අපේක්ෂකයා පරාජය කිරීම සඳහා සටන ‍වේගවත් කිරීමට ඒ මහත්මිය බලාපොරොත්තු වෙයි.

 

Similar Posts