නානුඔය –

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නානුඔය සමර්සෙට් වතුයායේ නායයාමක් හේතුවෙන් නිවාස හතක (07)  එහි තිස් දෙදෙනකු (32) අවතැන්ව ඇත.

දැනට දින ගනනාවක් පුරා මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වර්ෂාව හේතුවෙන් 09 වන දින මෙම නාය යාම සිදුව ඇති බවත් එම තත්වයන් මත නිවාස හතක පදිංචිව සිට තිස් දෙදෙනකු ආරක්ෂාව සදහා එම නිවාස වලින් ඉවත් කිරිමට පිවයර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරියකු පවසන ලදි.

මෙම නාය යාම හේතුවෙන් අවතැන්වු තිස් දෙදෙනා මේ වන විට ඔවුන්ගේ ඥති හිත මිතුරන්ගේ නිවෙස්වල ගොස් ඇති බවත් ඔවුන් අවශ්‍ය පිසු ආහාර එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් සපයා දිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

පවතින වැසි තත්වයන් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය තුල සමහර ස්ථානවල නාය යාමේ අවදානම් තත්වයන් පැවතිය හැකි බැවින් කදු ආශ්‍රිතව සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

දැනට දින කිපයක් පුරා මෙම ප්‍රදේශයන්ට දැඩි වර්ෂායක් පවතින බවත් මෙම තත්වයන් හේතුවෙන් තමන් විවිධ  දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.

මස්කෙළිය නල්ලතන්නිය මාර්ගයේ මෝහිනි ඇල්ල  නායයාම –

මස්කෙළිය ආශ්‍රිත ප්‍රදේශයට පවතින අධික වැසි හේතුවෙන් මස්කෙළිය නල්ලතන්නිය මාර්ගයේ මෝහිනි ඇල්ල අසල 09වන දින සිදුවු නායයාමකින් එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු ඇන හිට ඇත.

මෙම ප්‍රදේ‍්ශයන්ට දින කිපයක් පුරාවට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මෝහිනි ඇල්ල ප්‍රදේශයේ මාර්ගය පුලුල් කරන ස්ථානයේ පස් කදු කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය ඇන හිට ඇති බව මාර්ග සංවර්න අධිකාරියේ නොර්වුඩ් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ වන විට එම මාර්ගයට වැටි ඇති පස් ඉවත් කිරිමට තම කාර්ය මණ්ඩලය විසින් පියවර ගන්නා බවත් එම තත්වයන් මත මෙම මාර්ගය යථා තත්වයන්ට පත් කිරිමට කඩිනමින් පියවර ගන්නා බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories