යතුරැ පැදිවලින් පැමිණි නාදුනන පිරිසක් විසින් මාධ්‍යවේදියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇතැයි හබරාදුව පොලීසිය පවසයි. මෙම සිද්ධිය ඊයේ (13) රාත්‍රියේ දී සිදුව ඇත.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ගාල්ල හබරාදූව, මීපේ පදිංචිව සිටි ලසන්ත විජේරත්න නැමති නිදහස් මාධ්‍ය වේදියෙකි. “නාස්තිකාර සංවර්ධනය හා දූ ෂ ණ ය” නමැති ග්‍රන්ථය රචනා කරමින් ලසන්ත විජයරත්න මහතා පසුගිය රජයේ පැවැති දූෂණ සහ වංචා පිළිබඳව කරුණු රැසක් හෙළිදරව් කිරීමට කටයුතු කළ නිසා ඊට උරණ වූ පිරිස් මෙම ප්‍රහාරය සිදු කරන්න ඇතැයි පැවසේ.

මේ වන විට තුවල ලැබු ලසන්ත විජයරත්න මහතා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබා ගන්නා අතර මේ සම්බන්දව වැඩිදුර විමර්ශණ හබරාදුව පොලීසිය විසින් සිදු කරනු ලබයි. මෙම කෲර ප්‍රහාරයට විරෝධය පා මාධ්‍ය සංවිධාන ගණනාවක් ඒක්ව විරෝධාතා ව්‍යාපාරයක් අද (14) සවස 3ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතව තිබේ.

More Stories