විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටි තවත් 300ක පමණ පිරිසක් අද(28) සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.
පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් – 78 ක් සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් – 61 ක් කඩවත , කොළඹ , ගාල්ල සහ වෙන්නප්පුව යන ප්‍රදේශ වලට මෙසේ පිටත්ව ගියහ.
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්ව තවත් 139 දෙනෙකු අද (28) පෙරවරුවේ නිවෙස් බලා පිටත් කළ බව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසීය.
නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව නිමා කළ පස්වන කණ්ඩායම මෙය බවද හමුදාව සඳහන් කරයි.