curfew

ඔක්තෝම්බර් 01 වැනිදා අලුයම 04.00 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ, ඉන්පසු කටයුතු කළ යුතු ආකාරය සඳහන් මාර්ගෝපදේශ නිකුත් කරන බවටත් ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යි.

සති 02 ක් යන තෙක් කිසිදු දුම්රියක් ධාවනය නොකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, බස් සේවා ද පළාත් තුළ පමණක් ධාවනයට සැලසුම් කර ඇති බවය.

පොදු ප්‍රවාහන සේවාවල රැගෙන යා හැක්කේ ආසන ධාරිතාවට සරිලන මගීන් පිරිසක් පමණක් බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ ය.

Similar Posts