වහාම කොරෝනා එන්නත ලබාගන්නා ලෙසත් අත්‍යවශ්‍ය නොවන දේකට නිවසින් පිට නොයන ලෙසත් රජය සියලු ජනතාවට දැනුම් දෙයි.

එසේම කොවිඩ් මර්දන එන්නත නොගත් එය ලබාගත යුතු වයස් සීමාවේ පසුවන සියලු දෙනා එන්නත වහාම ලබාගන්නැයිද එම රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

තවද සෙනඟ ගැවසෙන මංගල අවමංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගි වීම සම්පූර්ණයෙන්ම නතර කරන්නැයි ඉල්ලා සිටින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කාමර, ශාලා ,විදුලි සෝපාන ක්‍රියාත්මකවන ආවරණ සහිත ස්ථානවල දිගු වේලාවක් රැඳී සිටීමෙන් වළකින්නැයිද දැනුම් දෙයි.

විශේෂයෙන් නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් නිවෙස්වලින් බැහැරට යෑම කොහෙත්ම නොකළ යුතු බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

මේ බව දැනුම් දෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Similar Posts