law-doc-crickt

දහහතර වැනි වරට පැවති නීති-වෛද්‍ය ක්‍රිකට් තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් හිමි කර ගැනීමට නීතිඥවරුන්ගෙන් සමන්විත කණ්ඩායම සමත් විය.

මේ තරගාවලියේදී නීති කණ්ඩායම වාර්තා කළේ අඛණ්ඩ 5 වැනි ජයග්‍රහණය වීම විශේෂත්වයකි.

පසුගියදා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් වෛද්‍ය කණ්ඩායම ලකුණු 191කට සීමා කළ නීතිඥ පිල ඕවර 37.1කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 9ක් දැවී තිබියදීය.

නීතිඥයන්ගේ පිළිතුරු ඉනිමේ ලකුණු 77කට කඩුලු 7ක් බිඳ වැටී තිබියදී 8 වැනි කඩුල්ලට එක් වූ රන්දීප විජේසූරිය සහ ෂන්මුගම්පිල්ලෙයි ජෙතර්ෂන් ලකුණු 92ක සබඳතාවයක් ගොඩනඟමින් කණ්ඩායමේ ජය මාවත විවර කළහ. මේ ක්‍රීඩකයන් දෙදෙනාම ලකුණු 50 බැගින් රැස් කළ අතර, පන්දු යැවීමේදී නිලුපුල් බිම්සර කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් වෛද්‍ය කණ්ඩායම වෙනුවෙන් තිළිණ සමරසිංහ පන්දු 35කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 61ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ෂන්මුගම්පිල්ලෙයි ජෙතර්ෂන් සහ කුලුණු රුද්‍රිගෝ කඩුලු 3 බැගින් දවා ගත්හ.

වෛද්‍යවරු – 191 (ඕවර 39.4) තිළිණ සමරසිංහ 61, කසුන් කරුණාරත්න 29, පුබුදු සෙනෙවිරත්න 29, තරිඳු කාලිංග 27 (ෂන්මුගම්පිල්ලෙයි ජෙතර්ෂන් 3/31, කුලුණු රුද්‍රිගෝ 3/27, අකිල ජයසුන්දර 2/36)

නීතිඥයෝ – 192/9 (ඕවර 37.1) රන්දීප විජේසූරිය 50, ෂන්මුගම්පිල්ලෙයි ජෙතර්ෂන් නොදැවී 50 (නිලුපුල් බිම්සර 50/5)

More Stories