anusha chandra sekaram

දුර බැහැර ප්‍රදේශවල සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ විවිධ ආයතනවල රැකියා සදහා පැමිනෙන නිලධාරින්ට අවශ්‍ය නිල නිවාස නිසි ලෙස නොමැතිවිමෙන් එම නිලධාරින් දැඩි දුෂ්කතාවයන්ට පත්ව ඇති බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි.

තලවාකැලේ පිහිටි එම මහත්මියගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ වන විට මහනුවර, පිලිමතලාව, කටුගස්තොට, වැනි ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයේ රැකියාවන් සදහා විශාල පිරිසක් පැමිනෙනවා මේ පිරිස් එම ප්‍රදේශවල සිට උදැසන 4.30ට 5.00ට පමන තියෙන බස් රථවලින් තමයි මෙම ප්‍රදේශයේ රැකියා ආයතනවලට එන්නේ.

නැවත මේ අය සිය නිවෙස්වලට යන්නේ සවස 5.00 පමන එවිට එම පිරිස් ඔවුන්ගේ ගෙවල්වලට යන්නේ රාත්‍රියේ මේ පිරිස්ලට අවශ්‍ය නිල නිවාස මෙම ප්‍රදේශවල නිසි ලෙස නොමැති විමෙන් තමයි මෙම තත්වයන් ඇතිව තිබෙන්නේ.

එම නිසා මෙම සේවක පිරිසට අවශ්‍ය නිල නිවාස නිසි ලෙස මෙම ප්‍රදේශවල හැදිය යුතුයි එසේ නැතිනම් මෙම පිරිස් සදහා එම ප්‍රදේශවල ආයතන සදහා ස්ථාන මාරුවිම් ලබා දිමට පියවර ගත යුතුයි.

මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් මට පාර්ලිමේන්තුවට යාමට හැකි වුනොත් මෙම සේවක පිරිසගේ පවතින මෙම ගැටලු විසදිමට අවශ්‍ය පියවර ගැනිමට මම කටයුතු කරනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories