මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැන තැන පවතින දැඩි මීදුම් තත්වයන් මත හා මාර්ග ලිස්සන සුලු තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම දිනවල පවතින වැසි තත්වයන් මත හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය මාර්ගයේ තැන තැන විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත්ය.
වීශේෂයෙන් හැටන් කොළඹ මාර්ගයේ වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිනිගත්හේන ප්‍රදේශවල හා හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල, රදැල්ල, නානුඔය, නුවරඑළිය යන ප්‍රදේශවලද මෙම දැඩි මීදුම් තත්වයන් විටින් විට පවතින බවත්ය.
එමෙන්ම පවතින වැසි තත්වයන් මත මෙම ප්‍රදේශයේ බොහෝ මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත්ව ඇති බවත් මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි රථ වාහනවල ඉදිරි පස පහාන් දල්වා ඉතාමත් කල්පනාකාරිව තම රථ වාහන ධාවනය කරවිමට පියවර ගන්නා ලෙස සියළුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts