මෙවර පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේදී කදුරට ජනතා පෙරමුණ සමගි ජන බලවේගය සමග එක්ව තරග කිරීමට සකච්චා පවත්වමින් සිටින බව එහි නායක වි. රාධා ක්රිෂ්ණන් මහතා පවසයි.
මෙවර පැවැත්වෙන පලාත් පාලන මැතිවරණය පිළිබඳව කරන ලද විමසීමකදී වි. රාධා ක්රිෂ්ණන් මහතා මේ බව පැවසූ අතර, එහිදී වැඩි දුරටත් අදහස් දක්වූ ඔහු මෙසේද පැවසීය.
මෙවර පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය සඳහා අදාල නාම යෝජනා භාර දීම සඳහා මේ වන විට දින නියම කර තිබෙනවා. ඒ අනුව, එම පලාත් පාලන මැතිවරණය සඳහා කදුරට ජනතා පෙරමුණද අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
එම පලාත් පාලන මැතිවරණය සඳහා කදුරට ජනතා පෙරමුණේ අපේක්ෂකයන් සමගි ජන බලවේගය දුරකථනය ලකුණ යටතේ ඉදිරිපත් කිරීමට මේ වන විට කදුරට ජනතා පෙරමුණ තීරණය කර තිබෙන්නේ.
ඒ අනුව, තම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම පිළිබඳව සමගි ජන බලවේගය සමග සකච්චා කරමින් සිටින අතර, ඒ අනුව විශේෂයෙන් නුවරඑළිය දිස්ත්රික්කයේ පලාත් පාලන ආයතන සඳහා ඉතාමත් ප්රබල කණ්ඩායම් ඉදිරිපත් කිරීමටත් අපි පියවර ගන්නවා.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්