නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පැවති වැසි හා සුලං තත්වයන් මත සිදුවු ආපදා හේතුවෙන් පවුල් 958ක පුද්ලයන් 3641 දෙනකු අවතැන්ව සිටි බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දිනවල මෙම ප්‍රදේශයන්ට පැවති සුලං හා වැසි තත්වයන් මත ගස් කඩා වැටිමෙන් හා වහල සෙවිලි ගසාගෙන යාමෙන් නිවාස 950කට අර්ධ හානි සිදුව ඇති බවත්ය.
එම තත්වයන් මත ඉහත සදහන් පවුල්වල සමාජිකයන් අවතැන්ව සිටි බවත් එසේ අවතැන්වු පිරිස් අතරින් වැඩි පිරිසක් ද ඔවුන්ගේ ඥති නිවාසවල තාවකාලිකව පදිංචිව ඇති බවද එම නිලධාරියා පැවසිය.
එමෙන්ම මෙම දිස්ත්‍රික්කය තුල ආරක්ෂිත ස්ථාන හතරක් පිහිටුවා එම ආරක්ෂිත ස්ථාන තුලද පිරිසක් සිටි බවත් මේ විට එම පිරිස්ද එම ආරක්ෂිත ස්ථානවලින් පිටව ගොස් ඇති මෙසේ අවතැන්වු පිරිස්වල ඉදිරි අවශ්‍යතාවයන් පිලිබදව අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සොයා බලන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts