postal-election

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තැපැල් ඡන්ද බාවිතා කිරිමට ඡන්දදායකයන් විසිදහස් පන්සිය දෙදෙනකු (20502) සුදුසුකම් ලබා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හා තේරිම් බාර නිලධාරි නන්දන ගලබඩ මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු නන්දන ගලබඩ මහතා 2024 පාර්ලීමේන්තු මහ මැතිවරණයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුලත් රක්ෂිත පැකට්ටු තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිකුත් කිරිමේ කටයුතු ආරම්භ කිරිම සිදුකල බවත්ය.
23වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදිරාජ්‍ය නිලධාරින්ගේ දායකත්වය මත මෙම තැපැල් ඡන්ද පත්‍රිකා බේදා හැරිම ආරම්භ කල අතර මෙම අවස්ථාවට සහකාර මැතිවරණ කොමසාරිස් ලහිරු කලුගම්පිටිය මහතාද එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories