නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව යනු ගොඩනැගිල්ලක් නොව ජනතා සමුහයක් බවත් මෙම ජනතා සමුහය තුල සියලුම ආගම්වල විවිධ වයස් කාණ්ඩවල පිරිස් සිටින බව ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකාර සමන් සෙනවිරත්න මහතා පවසයි.

හැටන්හි උත්සව ශාලාවක් තුලදි 21වන දින පැවති නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ වැඩ මුළුවක් අමතමින් මේ බව පැවසු සමන් සෙනවිරත්න මහතා මෙහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
නුවරඑළිය දිස්ත්‍රික්කය යනු බහු වාර්ගික පිරිසක් ජිවත්ව පිරිසක් මෙම පිරිස අතර විවිධ ප්‍රශ්න පැන නැගිම තුලින් විවිධ ගැටුම්කාරි අවස්ථාවන් ඇති වෙන්නත් හැකියාව පවතිනවා.
එම තත්වයන් සමනය කර ගනිමින් මෙම දිස්ත්‍රික්කයේ සියලුම ආගම් ජාතින් නියෝජනය කරන පිරිස් ඒකරාශී කරගෙන සියලුම ආගමික පුජකවරුන්ගේ අනුසාසනා මත මෙම දිස්ත්‍රික්කයේ සාමය සිංහිදියාව ඇති කිරිමේ අරමුණ මතයි අපි මෙම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව පිහිටුවිමට පියවර ගතතේ.

එම අන්තර් ආගමික කමිටුව තුලින් අපිට හැකියාව ලැබුනා සියලුම ආගම් නියෝජනය කරන පුජක උතුමන්ලා ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් එකම වේදිකාවකට ගෙන ඒමටත් එම අයගේ අවවාද අනුසාසනා මත මෙය ඉදිරියට ගෙන යාමටත්.

අපි සමුහයක් ලෙස ශක්තිමත් විය යුතුයි එසේ නැතිව අපි දුර්වල උනොත් අපිට අපේ අරමුණ වන සාමය උදාකර ගැනිමට නොහැකි වෙයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories