නුවරඑළිය නව දිස්ත්‍රික් ලේකම් ලෙස පත්වු තුෂාරි තෙන්නකෝන් මහත්මිය 11වන දින ගරුතර සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි වැඩ බාර ගැනිම සිදු කරන ලදි.
ශ්‍රිලංකා පරිපාලන සේවයේ වීශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක් වන තුෂාරි තෙන්නකෝන් මහත්මිය සත්ව නිස්පාදන හා සෞඛ්‍ය දෙපාර්ථමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් (පරිපාලන) ලෙස කටයුතු කරමින් සිටියදි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කල නන්දන ගලබඩ මහතාගේ ස්ථාන මාරුව හේතුවෙන් නුවරඑළිය නව දිස්ත්‍රික් ලේකම් ලෙස පත්ව ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උද්හිත විද්‍යාව හා රසායන විද්‍යාව පිලිබදව විද්‍යාවේදි උපාධිය හිමිකර ගෙන ඇති තුෂාරි තෙන්නකෝන් මහත්මිය ශ්‍රි ජයවර්ධණපුර විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියද හිමි කර ගෙන ඇත.
2003 වර්ෂයේදි ශ්‍රිලංකා පරිපාලන සේවයට එක්වු තුෂාරි තෙන්නකෝන් මහත්මිය 2004 වර්ෂයේදි මාතලේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස පත්ව ඇති අතර ඉන් පසුව හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම්, මධ්‍යම පලාත් සෞඛ්‍ය අමත්‍යාංශයේ සහකාර ලේකම්, කෘෂිකර්ම දෙපාර්ථමේන්තුවේ සහකාර අධ්යක්ෂ (පාලන), නියෝජ්‍ය අධ්යක්ෂ (පාලන), අධ්යක්ෂ (ආයතන), උඩ පලාත ප්‍රාදේශීය ලේකම් ලෙසද කටයුතු කර ඇත.
තුෂාරි තෙන්නකෝන් මහත්මිය වැඩ බාර ගැන්මේ අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) දිනිකා කවිසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) ශාලිකා ලිදකුඹුර මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටින ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්