ඉසෙඩ් පරපුරේ කතිකාව ( Generation Z) මතු කරමින් තරුණ තරුණ තරුණියන් ගේ අදහස් රාජ්‍ය පාලනය සඳහා යොදා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.වත්මන් සමාජයට තවමත් එතරම් හුරු පුරුදු නොමැති මේ ඉසෙඩ් පරපුරේ කතාව ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉකුත් 30 දා පෙරවරුවේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” තරුණ සමුළුව අමතමිනි.එම ඉසෙඩ් පරපුරේ කතිකාව වෙනුවෙන් ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාවට පවරන බවත් ජනාධිපති වරයා පවසා ඇත. දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් තරුණ නායක නායිකාවන් ඇතුළු නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව තිබේ.රටේ හෙට දවස බාර වන්නේ අද දවසේ තරුණ පරපුර බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉසෙඩ් පරපුරට ඔවුන් ඉපදුණු දා සිට හැදී වැඩුණු, දියුණු වෙන තාක්ෂණ ලෝකයත් සමඟ ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය ලබාදීමට කටයුතු කරන බව ද පවසා ඇත. ඩිජිටල් අළෙවිකරණය, සේවාදායකයන්ට නිදහස් සේවාවන් සැපයීම, විද්‍යුත් වාණිජ කාර්යයන් ආදි ක්ෂේත්‍රයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන්ට නව ආදායම් උත්පාදන මාර්ග විවර කරන බවත් ජනාධිපතිවරයා පැවසූ බව ද සඳහන් ය. ආර්ථිකය ශක්තිමත් වන විට පිබිදී එන නවීන කෘෂි සංස්කෘතිය, පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය ආදී ක්ෂේත්‍ර තුළ රැකියා ලබා ගැනීමටත්, නව ව්‍යවසායකත්වයන් ආරම්භ කිරීමටත් තරුණයන්ට අවශ්‍ය පසුබිම සකසා දෙන බව ද ජනාධිපතිවරයා එහි දී සඳහන් කර තිබේ.එසේම දේශපාලන ක්ෂේත්‍රය සඳහා තරුණ නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යොවුන් පාර්ලිමේන්තු උපදේශක කාර්යාලයක් ස්ථාපිත කර නව පරපුරේ දේශපාලන දැනුම ඉහළ නැංවීමට කටයුතු කරන බව ද සඳහන් කළ වගක් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. “පසුගිය වසර 75 තුළ තරුණයන් වෙනුවෙන් කිසිවක් කර නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. නමුත් තරුණ තරුණියන් රැසකට ජීවනෝපාය ඇති කළ තරුණ සභාව ආරම්භ කළේ මමයි.” ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
ජාතික තරුණ සේවා සභා ඉතිහාසය හා රනිල් වික්‍රමසිංහ නාමය අතර ඇති සබැඳියාව අද බොහෝ දෙනෙක් නොදනිති.එවක 29 වැනි වියේ පසු වූ ඔහු මෙරට ප්‍රථම යෞවන කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යවරයා වූ අතර 1979 අංක 69 දරණ ජාතික තරුණ සේවා පනත මඟින් එම වසරේ යළි ස්ථාපිත කොට එය ලංකාවේ තරුණ තරුණියන් උදෙසා බිහිවුණු දැවැන්ත ආයතනය බවට පත් කිරීමට රනිල් වික්‍රමසිංහගෙන් සිදුවූ මෙහෙවර ඉමහත් ය.
යෞවන සමාජ, වෘත්තීය පුහුණුව, ක්ෂේත්‍ර පුහුණු හා ප්‍රජා සේවා ජාතික සේවා, සංස්කෘතික කටයුතු ව්‍යාපාරික තරුණයා, නාගරික තරුණයා, විශ්ව විද්‍යාල තරුණයා, තරුණ සේවා සංගීත සමාගම, බෙල්වුඩ් සංස්කෘතික පුහුණු මධ්‍යස්ථානය, තරුණ සේවා නැටුම් සමාගම, මහරගම තරුණ මධ්‍යස්ථානය ලෙස අංශ 23 කින් සමන්විතව දකුණු ආසියාවේ තරුණයන්ගේ අභිවෘද්ධිය සඳහා පිහිට වූ විශාලතම ආයතනය එය බව පොදු පිළිගැනීමකි.සීමාසහිත තරුණ සේවා සංගීත සමාගම හා නැටුම් සමාගම තුළින් බිහි වූ ශිල්පීන් ශිල්පිනියන් පසුව මෙරට ජනප්‍රිය ප්‍රකට කලාකරුවෝ බවට පත්වූහ.ජපන් රජයේ ආධාර මත මහරගම නගරයේ අක්කර නවයක භූමියක ඉදි වූ ජාතික තරුණ මධ්‍යස්ථානය දකුණු ආසියාවේ තරුණ තරුණියන් වෙනුවෙන් ඉදිකළ විශාලතම ඉදිකිරීමකි. සම්මන්ත්‍රණ ශාලාවක්, පුස්තකාලයක්, පරිපාලන කාර්යාල සංකීර්ණයක්, ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, ප්‍රදර්ශනාගාරයක්, තෙමහල් නේවාසිකාගාරයක්, පුහුණු මධ්‍යස්ථාන, රූපවාහිනි චිත්‍රගාර, මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ අංගණයක් සහ ක්‍රීඩාංගණයකින් මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානය සමන්විත ය.එවක රනිල් වික්‍රමසිංහ තරුණ අමාත්‍ය වරයා දැක්වූ එම දස්කම් මත 1980 පෙබරවාරි මස 15 වැනිදා සිදු කරන ලද කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී ඔහුට යෞවන කටයුතු හා රැකීරක්ෂා විෂයන්ට අමතරව අධ්‍යාපන ඇමැති තනතුර ද ප්‍රදානය කෙරිණ. එබැවින් ඔහු ගේ එම කාර්ය අනුව වුව පසුගිය වසර 75 තුළ තරුණයන් වෙනුවෙන් කිසිවක් කර නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණ නඟන චෝදනාව යළි විමසිය යුත්තකි.
මෙවර ජනපතිවරණ අපේක්ෂකයන් බොහෝ දෙනකු විසින් ගිලිහී ඇති එහෙත් කාලීන අවශ්‍යතාවක් වන මෙම ඉසෙඩ් පරපුරේ කතිකාව වචන මාත්‍රයකින් හෝ සඳහන් කිරීම සම්බන්ධයෙනි.සැබැවින්ම මෙවර ජනපතිවරණ අපේක්ෂකයන් බොහෝ දෙනකු ගේ කතා වර්තමානය හා සම්බන්ධ ගැටළු අර්බුද වලට තත් කාලීන පිළියම් මුල් කොට ගත් ඒවා මිස සමාජය හා සම්බන්ධ නූතන ආදී ආකල්ප පුබුදුවන ඒවා නොවන බව නූතනවාදී දෘෂ්ටියක සිට ඒ පිළිබඳව විමසන ඇතැම්හු පවසති.
තත්වය මෙසේ තිබිය දී පාර්ලිමේන්තුව සහ පළාත් සභාවේ තරුණ නියෝජනය සියයට 25 ක් දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය ද මේ වන විට යොමුව ඇත.එම පනත් කෙටුම්පත මීට වසර එකහමාරකට පමණ පෙර ඉදිරිපත් වූ නමුත් එය මෙතෙක් විවාදයට ගනු නොලැබූ බවට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් පසුගිය දා චෝදනා පසුගිය දා කළේය. ජනාධිපති වරයාගේ ඉහත සඳහන් ප්‍රකාශය මුල් කොට අප මේ සටහන සම්පාදනය කරනුයේ මෙවර ජනපතිවරණ අපේක්ෂකයන් බොහෝ දෙනකු විසින් ගිලිහී ඇති එහෙත් කාලීන අවශ්‍යතාවක් වන මෙම ඉසෙඩ් පරපුරේ කතිකාව වචන මාත්‍රයකින් හෝ සඳහන් කිරීම සම්බන්ධයෙනි.සැබැවින්ම මෙවර ජනපතිවරණ අපේක්ෂකයන් බොහෝ දෙනකු ගේ කතා වර්තමානය හා සම්බන්ධ ගැටළු අර්බුද වලට තත් කාලීන පිළියම් මුල් කොට ගත් ඒවා මිස සමාජය හා සම්බන්ධ නූතන ආදී ආකල්ප පුබුදුවන ඒවා නොවන බව නූතනවාදී දෘෂ්ටියක සිට ඒ පිළිබඳව විමසන ඇතැම්හු පවසති.
ජනපතිවරණ අපේක්ෂකයන් ගේ මුවින් තබා අදටත් අප සමාජයේ නිසි කතා බහකට පවා ලක් වී නොමැති මේ ඉසෙඩ් පරම්පරාව යනු කුමක්ද? ඒ පාරම්පරික චින්තනය අතින් පැහැදිලි වෙනස් කම් සහිත නූතන තරුණ පරපුර හැඳින්වීම පිණිස යෙදෙන ගෝලීය වශයෙන් යෙදෙන වදනකි.ඉසෙඩ් පරම්පාරවට පෙර පැවතියේ එක්ස් පරම්පරාව ය. එක්ස් පරම්පරාව යනු1960 දශකයේ සිට 1970 දශකයේ අගභාගය අතර කාලයේ උපන් පිරිස බව පොදු පිළිගැනීම ය. ඔවුහු මේ වන විට මැදිවියේ හෝ මැදිවිය ඉක්මවා සිටිති.ඔවුන් ගෙන් බහුතරයක් විවාහ වී දරුවන් සිටින දෙමාපියෝ වෙති. මේ ඉසෙඩ් පරම්පරාවේ දරුවන් බොහෝ විට ඉපදී ඇත්තේ 1990 දශකයේ අග භාගයේ සිට 2010 දශකයේ මුල් භාගයේ ය. ඔවුහු මේ වන විට උපරිම වශයෙන් අවුරුදු 34 සහ අවම වශයෙන් අවුරුදු 14 වයසවල පසුවෙති.මොවුන් ඉතා කුඩා කාලයේ සිටම අන්තර්ජාලය, ඩිජිටල් තාක්ෂණය සහ උපාංග පරිශීලනය කරමින් හැදී වැඩී තිබේ. ඇමරිකානු ලේඛකයෙකු, කථිකයෙකු සහ තාක්ෂණවේදියෙකු වන මාක් ප්‍රෙන්ස්කි මොවුන් හඳුන්වනු ලබන්නේ ‘ඩිජිටල් ස්වදේශිකයන්’ ( Digital natives) වශයෙනි. ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ් පරිගණක සහ පොදුවේ දර්ශන තිර සහිත උපාංග වැඩි කාලයක් භාවිත කිරීමේ නිශේධනාත්මක ප්‍රතිඵල අත්විඳීම සම්බන්ධව ලෝකයට මුලින්ම සාක්ෂි එකතු වන්නේ ද මේ පරම්පරාව තුළිනි.නමුත් අතීත සමාජය මතකය පදනම් කර ගත් දැනුමින් සන්නද්ධ වුව ද මෙම ඉසෙඩ් පරපුර ඒ ගැන තැකීමක් නොකරති.ඔවුන් සියළු දත්ත හා මූලාශ්‍ර සම්පිණ්ඩනය කරනුයේ ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ් පරිගණක සහ පොදුවේ දර්ශන තිර සහිත උපාංග වලිනි.නිදසුනක් ලෙස හිමාල කන්ද ගැන බොහෝ තොරතුරු අසා දැන හිඳින වැඩිහිටියකු මෙම ඉසෙඩ් පරපුරේ අයකු ගෙන් ඒ ගැන විමසුවහොත් ඔහු හෝ ඇය කරනුයේ තමන් සතු ඩිජිටල් මෙවලමේ බොත්තම් කිහිපයක් එබීම පමණි.එවිට ඒ වැඩිහිටියා ගේ දැනුම් අවබෝධයන් අබිබවන දැනුම නොවන තොරතුරු රැසක් ඒ ඉසෙඩ් පරම්පරාවට අයත් තරුණයා හෝ තරුණිය හමුවේ ගොනු වෙයි.එහෙත්, එය කටපාඩම් කර ගත යුතු යැයි ඔහු හෝ ඇය නොසිතයි.
ආගමික විශ්වාස බැහැර කළ ලෞකීයත්වය ( Secular ) පදනම් කරගත් බහුතරයක් මේ පරම්පරාවේ සිටින අතර මොව්හු කලින් පරම්පරාවන් මෙන් සාම්ප්‍රදායිකව නොසිතති.අවිවාහක ලිංගික සබඳතා, විවාහ නොවී එක් ව විසීම් ( Living together ) ඔවුනට සාමාන්‍ය දේ ය. අනාරක්ෂිත ගැබ් ගැනීම්වලින් වැලකී සිටීමේ මනා දැනුමකින් ද මොවුන් යුක්ත බව පෙනෙයි,.එමෙන්ම රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ රැකියා අපේක්ෂා නොකරන මොවුන් ආදායම් ඉපැයීම් සඳහා විවිධ නව උපාය මාර්ග අත්හදා බලන බව පෙනේ.සේවාදායකයන්ට නිදහස් සේවාවන් සැපයීම මුල් කොට ගත් රැකියා ( Freelance job ) ඒ අතරින් ප්‍රධාන ය.
පසුගිය දිනයෙක පන්නිපිටිය ප්‍රදේශයේ අපගේ ඥාති නිවසක සාංඝීක දානයක් සංවිධානය කොට තිබිණ.එහි ආහාර පිසීම පිණිස පැමිණ සිටියේ තරුණ සූපවේදියකු හා සූපවේදිනියකි.නමුත් ඔවුන් වෘත්තීය සූපවේදීන් නොවන බවත් සරසවි සිසුවකු හා සිසුවියක බවත් මට පසුව දැන ගත හැකි විය.සැබැවින්ම ඔවුන් එම සූපවේදය ඉගෙන ගෙන තිබුණේ අන්තර් ජාලයෙනි.නමුත් ඔවුන් පිසූ ආහාර බෙහෙවින් ප්‍රණීත විය.ඒ අනුව එම නිවසේ දීම ඔවුනට තවත් ආහාර පිසීමේ ඇනවුමක් හෝ දෙකක් ලැබිණ.”දැන් අපිට රස්සාවල් ඉල්ලා ගෙන බෝඩ් ලෑලි උස්සා ගෙන පාරවල් වල තපින්න ඕනෙ නෑ.මේකම ව්‍යාපාරයක් හැටියට ප්‍රවර්ධනය කර ගන්න අපිට පුළුවන්”ඔව්හු කීහ.ඉසෙඩ් පරපුරේ චින්තනය එබඳු ය.ඔවුන් ගෙන් වැඩි දෙනෙකු නිදහසේ යෙදිය හැකි ස්වයං වෘත්තීන් ගැන ද උනන්දු වනු පෙනෙයි.ඒ අනුව රාජ්‍ය ව්‍යසායකත්වය පුළුල් කොට තරුණ තරුණියන් සඳහා ඒවායේ රැකියා අවස්ථා උත්පාදනය කරන කතා නූතනවාදී නොවන බැවින් ඔව්හු ඒවා තුට්ටුවකට වත් මායිම් නොකරති.”අපිට පියාඹන්න එයාලගෙන් අත් තටු ඕනෙ නෑ.ඒවා අපි ළඟ තියනවා.අපිට එයාලගෙන් ඕනෙ නිදහසේ පියාඹන්න හිස් අහසක් විතරයි”එහි දී එම තරුණිය කීයේ මා විස්මයට පත් කරමිනි.
ඉසෙඩ් පරපුරේ මුල්ම නැඟී සිටීම ලෙස වාර්තා වනුයේ 2022 අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර දී ඇරඹි නිර්පාක්ෂික අරගලයයි.පසුගිය හැත්තෑ හය වසර තුළ රට නරකාදියකට වැටුණු බවට ඇතැමුන් පැවසුව ද මේ වන විට රට පුරා ව්‍යාප්ත වී ඇති මධ්‍යම පන්තිය නියෝජනය කරන තරුණ ඒකරාශීත්වයක් වශයෙන් ඉදිරියට පැමිණි කණ්ඩායම් විසින් මෙහෙයවනු ලැබූ මෙම අරගලය 1971 සහ 1987-89 ජනතා විමුක්ති පෙරමුණේ අරගල මෙන් සන්නද්ධ මුහුණු වරක් ගත් එකක් නොවීය.අන්තර්ජාලය, ඩිජිටල් තාක්ෂණය සහ උපාංග පරිශීලනය එහි ප්‍රධන තැනකට පත් විය.නමුත් පසුව ඒ වන තුරු එම නිර්පාක්ෂික අරගලය ගැන හාංකවිසියක් වත් නොදැන සිටි දේශපාලන පක්ෂ ඊට එක් වූයේ කූඩාරම තුළ හිස පොවන ඔටුවා ගේ ස්වරූපයෙනි. අවසානයේ වලිගය තෙක්ම ඒ හිසේ සීමාව වර්ධනය වූ අතර කූඩාරමේ සිටි මිනිසාට දොට්ට බැසීමට සිදු වූ ලෙසින් එම අරගලයේ නිර්පාක්ෂික යන නාමය වෙනුවට පසුව ඊට සර්ව පාක්ෂික නාමයක් පට බැඳුණි.
මෙම ඉසෙඩ් පරපුරේ මුල්ම නැඟී සිටීම ලෙස වාර්තා වනුයේ 2022 අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර දී ඇරඹි නිර්පාක්ෂික අරගලයයි.පසුගිය හැත්තෑ හය වසර තුළ රට නරකාදියකට වැටුණු බවට ඇතැමුන් පැවසුව ද මේ වන විට රට පුරා ව්‍යාප්ත වී ඇති මධ්‍යම පන්තිය නියෝජනය කරන තරුණ ඒකරාශීත්වයක් වශයෙන් ඉදිරියට පැමිණි කණ්ඩායම් විසින් මෙහෙයවනු ලැබූ මෙම අරගලය 1971 සහ 1987-89 ජනතා විමුක්ති පෙරමුණේ අරගල මෙන් සන්නද්ධ මුහුණු වරක් ගත් එකක් නොවීය.අන්තර්ජාලය, ඩිජිටල් තාක්ෂණය සහ උපාංග පරිශීලනය එහි ප්‍රධන තැනකට පත් විය.නමුත් පසුව ඒ වන තුරු එම නිර්පාක්ෂික අරගලය ගැන හාංකවිසියක් වත් නොදැන සිටි දේශපාලන පක්ෂ ඊට එක් වූයේ කූඩාරම තුළ හිස පොවන ඔටුවා ගේ ස්වරූපයෙනි.අවසානයේ වලිගය තෙක්ම ඒ හිසේ සීමාව වර්ධනය වූ අතර කූඩාරමේ සිටි මිනිසාට දොට්ට බැසීමට සිදු වූ ලෙසින් එම අරගලයේ නිර්පාක්ෂික යන නාමය වෙනුවට පසුව ඊට සර්ව පාක්ෂික නාමයක් පට බැඳුණි.එමෙන්ම මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතුරින් කිසිවකුත් ඉසෙඩ් පරපුර සම්බන්ධයෙන් කිසිදු තැකීමක් කොට නොමැති බවත් එනිසාම මෙවර කවරකු ජනාධිපති ලෙස බලයට පත් වුවද ඉසෙඩ් පරපුරේ කතිකාව මත මදනම් වන අරගලයක් යළි ඇරඹිය යුතු බවත් ඊට එක් වූ බොහෝ දෙනෙක් කියති.
ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායකට ලොකු රැල්ලක් තියෙනවා කියලා පේන්න තියෙනවා.නමුත් ඒ රැල්ල විනාශකාරී තත්වයක් හදලා තියෙනවා; ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පැරණි වාමාංශික අදහස් වලින් පිරිලා. ඔවුන් රට කළමණාකරණය කළොත් වෙන්නේ වැරදි පැත්තකට රට යන එක. වෛද්‍ය ක්ෂේත්‍රයේ උදාහරණයකින් කිව්වොත් ලෙඩෙකුට බඩගිනි වෙලා ලෙඩා රෝගී වෙලා මැරෙන්න යනවානම් අපි තවදුරටත් ලෙඩාට විරේක බෙහෙත් පොවන්නේ නැහැනේ. මැරිලා යන්න කියලා. මේ වෙලාවේ ජාතික ජනබල වේගය යෝජනා කරන ප්‍රතිපත්ති ගේනවා කියන්නේ බඩ ගිහින් මැරෙන්න හදන ලෙඩාට විරේක බෙහෙත් පෙව්වා වගේ වැඩක්.
ලොව නවීනතම සංකල්පයක් වන හරිත දේශපාලනය පදනම් කර ගත් ජාතික හරිත පෙරමුණේ සභාපති වෛද්‍ය පැතුම් කර්නර් 2022 ගාලු මුවදොර අරගලයේ පුරෝගාමී සාමාජිකයෙකි.ඒ අනුව අනාගතයට ගැලපෙන දේශපාලනය කුමක් ද? යන්න අවධාරණය කරමින් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති සමඟ රට තුළ සුබවාදී වෙනසක් සිදුකළ නොහැකි බව ප්‍රකාශ කර ඇත. “ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායකට ලොකු රැල්ලක් තියෙනවා කියලා පේන්න තියෙනවා.නමුත් ඒ රැල්ල විනාශකාරී තත්වයක් හදලා තියෙනවා; ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පැරණි වාමාංශික අදහස් වලින් පිරිලා. ඔවුන් රට කළමණාකරණය කළොත් වෙන්නේ වැරදි පැත්තකට රට යන එක. වෛද්‍ය ක්ෂේත්‍රයේ උදාහරණයකින් කිව්වොත් ලෙඩෙකුට බඩගිනි වෙලා ලෙඩා රෝගී වෙලා මැරෙන්න යනවානම් අපි තවදුරටත් ලෙඩාට විරේක බෙහෙත් පොවන්නේ නැහැනේ. මැරිලා යන්න කියලා. මේ වෙලාවේ ජාතික ජනබල වේගය යෝජනා කරන ප්‍රතිපත්ති ගේනවා කියන්නේ බඩ ගිහින් මැරෙන්න හදන ලෙඩාට විරේක බෙහෙත් පෙව්වා වගේ වැඩක්. ඒ නිසා ඔවුන් ජයග්‍රහණය කිරීමෙන් අර්බුදයක් දකිනවා. ඔවුන්ට වෙනසක් කරන්න පුළුවන් වෙයි . නමුත් ඒ වෙනසෙන් තිබුණටත් වඩා අවුල් සහගත වෙනසක් තමා වෙන්නේ. රට ඉදිරියට යන්න පුළුවන් වෙනසක් වෙන්නේ නැහැ” යැයි සඳහන් කරන ඔහු පවසනුයේ කාලීන තත්වයන් මත රටේ ආර්ථිකය සවිමත් කළ හැකි උපාය මාර්ග ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතුව පමණක් බව ය. වෛද්‍ය පැතුම් කර්නර් ගාලු මුවදොර අරගලයේ ගෝඩ් ෆාදර් නොවීමට ද පුළුවන.ඒ කෙසේ හෝ වත්මන් දේශපාලනඥයන් අතුරින් හැත්තෑ පස් හැවිරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් මේ වන විට නරඹන ඉසෙඩ් පරපුරේ කතිකාව මේ වන විට ජනපතිවරණ වේදිකා මතින් නැවත නැවත පිබිදවීමට වෙර දරන යල් පැන ගිය දේශපාලන සංස්කෘතිය පුපුරුවා හැර ළඟදීම ඉස්මතු වීම වැලැක්වීමට අප කිසිවකුටත් නොහැකි වනු ඇත.ඒ මේ වන විට ඒ සඳහා වන තරුණ ජවය හා ශක්තිය මේ සමාජය තුළ නිහඬවම ගොනු වෙමින් පවතින බැවිනි.ඒ සම්බන්ධයෙන් අපට හරියට කිව නොහැක්කේ ඒ සමාජමය පෙරැලිය හෙවත් ඔවුන් ගේම වදන් වලින් කිවහොත් සැබෑ “සිස්ටම් චේන්ජ් එක” සිදු වන වසර,මාසය ,සහ දිනය පමණි.
රේණුකා දමයන්ති