water

නෙළුව සහ අවට ග‍්‍රාම නිලධාරී වසම් 08ක වෙසෙන 200 කට ආසන්න වැසියන් පිරිසකට ඉකුත් දින දෙක තුළ බඬේ අමාරුව සහ වමනය සෑදී නෙළුව, හිනිදුම රෝහල්වලින් සහ පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් ප‍්‍රතිකාර ලබාගෙන ඇතැයි ඉකුත් සෙනසුරාදා ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු ප‍්‍රකාශ කළහ.

පසුගිය බ‍්‍රහස්පතින්දා පාසල් ළමුන් දෙතුන්දෙනකු නෙළුව රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගෙන තිබූ බවත් සෙනසුරාදා සවස් වන විට එම සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබුණු බවත් බලධාරීහු පැවසූහ.

නෙළුවට පැමිණි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා අදාළ නිලධාරීන් සහ ගම්වැසියන් සමග සාකච්ඡා කිරීමෙන් සහ ජල මූලාශ‍්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව පැවසුවේ මෙම ජල මූලාශ‍්‍රයේ ජලයෙහි විෂබීජ අන්තර්ගත බව මෙතෙක් කෙරුණු පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවය.

More Stories