හැටන් නගරයේ සමහර වෙළදුන් විසින් පදික මාර්ග අවහිර කරමින් වෙළද කටයුතු කිරිමත් සමග එම පදික මාර්ග පදිකයන්ට අහිමිවිමේ අවදානමක් හට ගෙන ඇත.

මෙකි සමහර වෙළදුන් මෙසේ පදික මාර්ග අවහිර කිරිමත් සමග පදිකයන්ට පදික මාර්ග පසෙක තබා ප්‍රධාන මාර්ගයේ ගමන් කිරිමට සිදු විමත් සමග එම පදියන් විවිධ අනතුරුවලට ලක් විමේ අවදානමක්ද හට ගෙන ඇති බව ප්‍රදේශයේ පිරිසක් පවසති.

මෙම තත්වයන් පිලිබදව අදාල බලධාරින්ගේ දැඩි අවදානයක් යොමු කර පදික මාර්ග පදිකයන්ට ගමන් කිරිමට අවශ්‍ය පරිදි සකස් කර දිමට පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

එක් වෙළද ස්ථානයක පදික මාර්ගය අවහිර කරමින් දැලක්ද ගසා ඇති අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories