corona

ඇදිරි නිතිය ඉවත් කරන කාලයන් තුලදි සෞඛ්‍ය ආරක්ෂ ක්‍රමවලට පටහැනිව සමහර පදික වෙලදුන් කරනු ලබන වෙලදාම් හේතුවෙන් හැටන් ප්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් හට ගෙන ඇති බව හැටන් දික්ඔය නාගරික මංත්‍රි අලගමුත්තු නන්දකුමාර මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන අලගමුත්තු නන්දකුමාර මහතා පවසනුයේ ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග හැටන් නගරයට විශාල ජංගම වෙලදුන් පදික වෙලදාම් සදහා පැමිනෙන බවත් මෙම අය කොහි සිට පැමිනෙන්ද යන්න නොදන්නා බවත් එසේ පැමිනෙන සමහර වෙලදුන් නිසි ලෙස මුඛ ආවරණ පැලදිමකින් තොරව මෙන්ම එලවලු ආදිය නිසි ආරක්ෂාවකින් තොරව බිම දමා විකිනිම තුලින් මෙම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවත්ය.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ ඇදිරි නිතිය ඉවත් කරන කාලයන් තුලදි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවලට පටහැනිව මුඛ ආවරණ නිසි ලෙස පැලදිමකින් තොරව වෙලදාම් කරනු ලබන සියලුම දෙනාට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසට නගර සභාවේ මහජන සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දිඇති බවත්ය.

එම උපදෙස් මත මේ වන විටද කිප දෙනකුටම එරෙහිව හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

හැටන්  – මනුර සුදත් සෙල්ලහේවා

More Stories