hospital

මස්කෙළිය නගරයේ පවුල් දෙකක් අතර හටගෙන තිබු පුද්ගලික ආරවුලක් මත ඇතිවු ගැටුමකින් හත් දෙනකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය නගරයේ පවුල් දෙකක තරුණ පිරිසක් අතර හට ගත් බහින් බස්විමක් දුර දිග යාමත් සමග ඇතිවු ගැටුමකින් තුවාල ලැබු හත් දෙනකු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගත් බවත්ය.
මස්කෙළිය නගරයේ වෙළද සැලක් තුලදි මෙම ගැටුම ඇතිවි ඇති බවත් මෙම පවුල් දෙක අතර මෙයට පෙර හටගෙන තිබු පුද්ගලික ආරවුලක් නැවත අලුත් විමත් සමග මෙම ගැටුම්කාරි තත්වය හට ගෙන ඇති බවත් මේ පිලිබදව මස්කෙළිය පොලිසිය විසින් වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මෙහි තුවාලකරුවන්ගේ තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ එම තුවාලකරුවන් අතරින් හතර දෙනකු වැඩි දුර ප්‍රථිකාර සදහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත මාරුකර යැවිමට පියවර ගත් බවත් අනෙක් තුවාලකරුවන් තිදෙනා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories