ඉන්දියාවේ දකුණු හයිද්‍රාබාද් නුවරදී 27 හැවිරිදි පශු වෛද්‍යවරියක්  දූෂණය කර මරා දැමු බවට  කළ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු ඉන්දීය පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය  කර තිබේ.

මෙහිදි පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබුණේ මොහමඩ් අලි නොහොත් මොහොමඩ් අරිෆ්, ජොලු ශිව, ජොලු නවීන් කුමාර් සහ චින්තාකුන්ත චෙන්නා කේෂවළු යන සිව්දෙනාය.

පොලිස් අත්අඩංගුවේ සිටි මෙම සිව්දෙනා  අලුයම 3.30 ට පමණ අපරාධ වු ෂැඩ්නගර් හි චට්ටන්පල්ලි ගම්මානය අසල බෙංගාලෝ-හයිද්‍රාබාද් ජාතික අධිවේගී මාර්ගයේ පාලමක් යට මෙම ස්ථානය කරා ගෙන ගිය අවස්ථාවේ පොලිසියේ ආයුධ උදුරා ගැනීමට  උත්සහ කර ඇති බවත් ඒහිදි  මෙලෙස පොලිසියෙන් වෙඩි තබා ඇති බවත්  ෂම්ෂාබාද්හි නියෝජ්‍ය පොලිස් කොමසාරිස් එන් ප්‍රකාශ් රෙඩ්ඩි පවසයි.

මෙම අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇත. බොහෝ ඉන්දියානුවන් මෙම ඝාතන  අගය කරන බවක් පෙනෙන්නට තිබුණි.

ඉකුත් සතියේදි මෙම කාන්තාව තෙලගානා ප්‍රදේශයේදි දූෂණය කිරිමේන් පසු  ඝාතනය කර තිබුණි. ඇයගේ සිරුර හමු වුයේ ඉකුත් නොවැම්බර් 27දාය. මෙයට පසුගිය සතිය තුළ ඉන්දියානුවන් දහස් ගණනක් නගර කිහිපයක විරෝධතා දක්වා තිබේ.

“මේ වගේ ඉක්මන් යුක්තිය අපිරිසිදු මනස තුළට බිය ජනිත කරයි. අපගේ අවංක යාච්ඥා වලට  පිළිතුරු ලැබී ඇති බවත්   හයිද්‍රාබාද් පොලිසියට සුබ පැතුම් ඒක් කරමින් නිළියක වන අම්මු අභිරාමි ප්‍රකාශ කර තිබේ.

අපරාධය සිදුවී පැය 36 ක් ඇතුළත නොවැම්බර් 29 වන දින සයිබරාබාද් පොලිසිය විත්තිකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. නොවැම්බර් 30 වන දින ෂැඩ්නගර් උසාවියට ​​ඉදිරිපත් කළ ඔවුන් එදිනම සවස දින 14 ක අධිකරණ භාරයට ගෙන තිබේ.

නඩුව කඩිනමින් විසඳීම සඳහා තෙලන්ගානා රජය මහාබුබ්නගර්හි විශේෂ  අධිකරණයක් පිහිටුවා ඇති අතර, සයිබරාබාද් පොලිසිය මෙම නඩුව සෑම කෝණයකින්ම විමර්ශනය කිරීම සඳහා විශේෂ කණ්ඩායම් හතක් පිහිටුවා තිබේ.

ශානි

More Stories