corona crest connect

කොවිඩ් වසංගතය පාළනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ තීරණයට එළඹි බවයි.

අවුරුදු 18 -19වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම ඔක්තෝම්බර් මස 21 වෙනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබුවෙ.

සෑම පාසලකදීම සිදු කෙරෙන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා. එම වයස් කාණ්ඩයේ පාසල් හැරගිය දරුවන් එන්නත්කරණය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් සිදු කිරීමට ද උපදෙස් ලබා දෙනු ලැබුවා.

Similar Posts