දකුණ , බස්නාහිර , සබරගමුව හා මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
දිවයින හරහා සුළගේ වේගය ද විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් දක්වා වැඩි විය හැකියි. දිවයින වටා මුහුදු ප්‍රදේශ ද තරමක් රළු විය හැකියි.
ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතුවලදී ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.