ඉදිරියේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා කදුරට ජනතා පෙරමුණ තනිව තරග කිරිමට අවදානය යොමු කර ඇති බව එම පෙරමුණේ නායක නුවරඑළිය දිස්ත්රික් පාර්ලීමේන්තු මන්ත්රි වි.රාධා ක්රිෂ්ණන් මහතා පවසයි.
හැටන්හි පිහිටි කදුරට ජනතා පෙරමුණ කාර්යාලයේදි මේ බව පැවසු වී.රාධා ක්රිෂ්ණණ් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
ඉදිරියේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා කදුරට ජනතා පෙරමුණ තනිව තරග කල යුතු බවට තම සමාජිකයන් විශාල පිරිසක් ඉල්ලිම් කරනවා ඒ පිලිබදව මේ වන විට මෙම පෙරමුණේ විධායක සභාවටද යොමු කර තිබෙනවා.
මෙම ඉල්ලිමට එම විධායක සභාවේද යම් කැමැත්තක් පවතිනවා මෙකද තම පෙරමුණ උදැල්ල ලකුණින් පළාත් පාලන මැතිවරණයට තරග කල හොත් තම සමාජිකයන් වැඩි පිරිසක් මේ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් ලෙස පත් කර ගැනිමට හැකි වෙයි කියන බලාපොරෝත්තුවෙන්.
එම තත්වයන් මත මේ පිලිබදව විධායක සභාව තව දුරටත් සකච්ඡා කර ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සදහා කදුරට ජනතා පෙරමුණ බොහෝ විට උදැල්ල ලකුණින් තරග කිරිමට හැකියාවක් පවතිනවා.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්