යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ගේ ජාතික රැලිය ලැබූ විශාල ජයග්‍රහණය හේතුවෙනි. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ක් පුරා දින තුනක ඡන්ද විමසීම ඊයේ අවසන් විය.

එහිදී මැක්‍රෝන්ගේ පුනරුද පක්ෂය අභිභවා ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ලැබූ විශාල ජයග්‍රහණයත් සමග මැක්‍රෝන් පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ පැරිස් ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පෙර ජූනි 30 සහ ජූලි 7 යන දිනවල ඡන්ද වට දෙක පැවැත්වෙන බවයි.

දෙවසරක ජනාධිපති ධූර කාලය තුළ, ජනාධිපති මැක්‍රොන් හට ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. හදිසි මැතිවරණයක් කැදවීම විශාල විස්මයක් වන අතර ජනාධිපති මැක්‍රෝන්ට එය දැඩි අවදානමක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එසේම මීළග ජනාධිපතිවරණයේදී ලී පෙන් ජයගනු ඇති බවට විදෙස් මාධ්‍ය විශ්වාසය පළකරයි.

Similar Posts