2009දී යුද්ධයේ අවසන් වීමෙන් පසු, යුද සමයේ හමුදාපති ධූරය හෙබවූ ජනරාල් සරත් ෆොන්සේකා 2010 ජනවාරි 26 දින පැවැත්වුණු ජනාධිපතිවරණයට විපක්ෂ පොදු අපේක්ෂකවරයා ලෙස තරග කළේය. ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය සමග එක්ව වැඩ කළ පිරිස අතර යුද්ධයට හා රාජපක්ෂ පවුල්වාදයට එරෙහි ක්රියාකාරිකයෝ රැසක් සිටියහ. ලේඛකයකු, මාධ්‍යකරුවකු, චිත්‍ර ශිල්පියකු හා සමාජ ක්‍රියාකාරිකයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ ද ඒ අතර සිටි ඉදිරි පෙළ ක්රියාකාරිකයෙකි. ඔහු මාධ්‍ය, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, දේශපාලනික කණ්ඩායම් රැසක් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙකි.
2010 ජනවාරි 25දා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් විය. ඔහු අතුරුදහන් වන්නේ කිසියම් පුද්ගලයකු හමු වීමට යාමෙන් පසුවය. එම වකවානුවේදී ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ ප්‍රධාන පුද්ගලයකු වූ නන්දන වීරරත්න මෙම විමර්ශනයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ද වේ. නන්දන වීරරත්න සමග පූජා වෙබ් අඩවිය වෙනුවෙන් සිරිමල් විජේසිංහ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.
puja.lk යනු, ශ්‍රී ලංකාවේ පැවති ගැටුම්වලදී වින්දිතභාවයට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් සත්‍ය, අනුස්මරණය සහ සංක්‍රාන්ති යුක්තිය හා උද්දේශනය වෙනුවෙන් හා සංක්‍රාන්ති යුක්තිය හා තිරසර සාමය ප්‍රවර්ධනය කිරීම සදහා කැපවුන වෙබ් බිහිදොරකි.