mask

ඉදිරියේදී මෙරට මුව ආවරණ භාවිත කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවාවන් සහ ගෘහස්ත මහජන ඒකරාශීවීම්වලදී පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

එනම්, රට පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය covid-19 වසංගත තත්වය හේතුවෙන් අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තවදුරටත් මුහුණු ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු ව ඇත්තේ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමේදී සහ සංවෘත ශාලා තුළ පැවැත්වෙන සාද සම්මන්ත්‍රණ ආදියේ දී පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

More Stories