අද (22) දින අමාත්‍ය මනුෂ නානායක්කාර විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තුවේදී සදහන් කළේ, ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට කැබිනට් මණ්ඩලය හරහා ඒ සඳහා විශේෂ අනුමැතියක් හිමිවු බවය.

ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ජපන් භාෂාව දරුවන්ට ඉගැන්වීමට අදාළ කටයුතු සුදානම් කරමින් යන බවත් එම අවසරය ජපන් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් හිමිවු බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ජපන් වෙළෙඳපොළ ඉලක්ක කර ජපන් භාෂා පුහුණුලාභීන් 5000කින් යුත් සංචිතයක් ආරම්භ කිරීමේ වැඩසටහනක් දියත් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Similar Posts