ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන ලද තරුණ නායකත්ව වැඩ මුළුවක් හැටන් සිඩා ආයතනයේ පවත්වන ලදි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, වලපනේ, නුවරඑළිය, අඹගමුව, නොර්වුඩ්, කොත්මලේ, යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන තරුණ සංවිධානවල තරුණ තරුණියන් හතලිස් දෙනකු මෙම නායතක්ව පුහුණු වැඩ මුළුවට එක්ව සිටින ලදි.
මෙම නායකත්ව වැඩ මුළුව පිලිබදව අදහස් දැක්වු ප්‍රිඩෝ ආයතනයේ සම්බන්ධිකාරක එන්. කරුනාකරන් මහතා පවසන ලද්දේ මේ වන විට සමහර තරුණ පිරිස් අතර විවිධ අසහනයන් පවතින බවත් එම අසහනයන් තුලින් එම තරුණ පිරිස බේරා ගැනිමේ අරමුණ මත මෙවැනි නායකත්ව වැඩ මුළු පැවැත්විමට පියවර ගෙන ඇති බවත්ය.
මෙම නායකත්ව පුහුණුව සදහා පැමින සිටින පිරිස් මෙම නායකත්ව වැඩ මුළුවෙන් ලබා ගන්නා අත් දැකිම් එම පිරිස් නියෝනය කරන තරුණ සංගම්වල අනිකුත් තරුණ පිරිස් සමග බේදා හදා ගැනිම සිදු කරන බවද කරුනාකරන් මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts