power-cut

හැටන් හා ආශ්‍රිත ප්‍රදේශ කිපයක විටින් විට පවතින විදුලි විසන්ධිවිම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම ප්‍රදේශයන් තුල මේ වන විට දිනපතා දෙතුන් වරක් හෝ විදුලි විසන්ධිවිම් සිදුවන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් පවසති.

මෙම විදුලි විසන්ධි විම් සමහර අවස්ථාවලදි විනාඩිය දෙක තුල පවතින බවත් සමහර අවස්ථාවලදි විදුලිය විසන්ධිවි එසැනින්ම නැවත විදුලිය ලැබෙන බවත් සමහර අවස්ථාවලදි විනාඩි 30ක් පැයක් හෝ එයට වැඩි කාලයක් පවතින බවත් විදුලි පාරිභෝගිකයන් පවසති.

මෙසේ සිදුවන විදුලි විසන්ධිවිම් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ සමන්‍ය ජනතාව පවසනුනේ විටින් විට පවතින මෙම විදුලි විසන්‍ධිවිම් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන නගරයේ බොහෝ වෙලදුන් පවසනුයේ විටින් විට පවතින මෙම විදුලි විසන්ධිවිම් හේතුවෙන් තම වෙලදාම් කටයුතුවලට විවිධ බාධාවන් පවතින බවත්ය.

මෙසේ විදුලි විසන්ධිවිම් හේතුවෙන් තම වෙලද සැල්වල ශීතකරනවල මෙන්ම අධි ශීතකරනවල තබා ඇති විවිධ ද්‍රව්‍ය විනාශ විම් සිදුවන බවද ඔවුන් පවසති.

මෙම ප්‍රදේශයන් තුල විටින් විට විදුලි විසන්ධිවිම් සිදුවුවද විදුලි බිල නිසි ලෙස ලැබෙන බවත් විදුලිය සදහා නිසි ලෙස ගෙවිම් කලද විටින් විට සිදුවන විදුලි විදුලි විසන්ධිවිම් හේතුවෙන් අමතර මුදලක් වැය කර විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරිමට තමන්ට සිදුව ඇති බවද නගරයේ බොහෝ වෙලදුන් පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු විදුලි බල මණ්ඩලයේ හැටන් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයන් තුල පවතින විවිධ කාලගුණික තත්වයන් මත මෙම විදුලි විසන්ධිවිම් සිදුවන බවත් තමන් හැකි උපරිමයෙන් විදුලිය අඛන්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts