Similar Posts
ලංගම ඩිපෝ තුල රියදුරු හා කොන්දොස්තර හිගයක්
හැටන් ලංගම ඩිපෝව තුල පවතින රියදුරු හා කොන්දොස්තර හිගය හේතුවෙන් ඵම ඩිපෝව මගින් ධාවනය කරවන බස් රථ නිසි ලෙස ධාවනය කරවිමට නොහැකිවිමෙන් ප්‍රදේශයේ බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිළධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම ඩිපෝව තුල රියදුරන් 25ක හා කෝන්දොස්තරවරුන් 30 දෙනකුගේ…
“බුරවී” යන්න ගියත් තවමත් අධික වැසි
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලට අදත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ , මේ වනවිට ‘බුරවි’ සුළි කුණාටුව පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බවයි. එය දිවයිනෙන් ඉවතට ගමන් කර පිඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි
භූමිතෙල් ලබාදෙන ලෙස බලකරමින් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය මල්ලිවෙප්පු ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් විරෝධතාවක නිරතව සිටි. හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හලකින් අද (25) භුමිතෙල් මිලදී ගැනිමේ අපේක්ෂාවෙන් පෝලිම්වල රැඳීසිටි දෙදහසක් පමණ පිරිස මෙලෙස මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටින බව අප වාර්තාකරු පවසයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
නොවැම්බර් 14 පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානයක්
නොවැම්බර් 14 වනදා යනු පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඔහු කියා සිටියේ මෙවර මැතිවරණයට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 60කට වැඩි පිරිසක් ඉදිරිපත් වී නොමැති බවයි. හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2025 වසර වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර බවට…