මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය ජුනි 20 වන දින පැවැත්වීම සදහා නිකුත් කළ ගැසට් නිවේදනය හා  ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැරීම සදහා නිකුත් කළ ඇති ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 ක් විභාග කිරීම අද (18) සහ හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වීමට නියමිතව ඇති අතර, ඒහි සභාපති විනිසුරැ ලෙස අගවිනිසුරු ජයන්ත ජයසුරිය කටයුතු කරනු ලබයි.  බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ යන මහත්වරැ මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සමාජිකයෝ වෙති.

රාවය පුවත්පතේ හිටපු කර්තෘ ප්‍රවීන මාධ්‍යවෙදී වික්ටර් අයිවන්, නිතිඥ චරිත ගුණරත්න, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක, නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම යන අය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ.

ඒමෙන්ම, ඉහත මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට ඒරෙහිව, නියමිත පරිදි මැතිවරණය පවත්වන ලෙසත්, පාරිලිමේන්තුව විසුරුවා හැරීම නීතියට අනුව සිදු කර ඇති බවටත්, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ ප්‍රේමනාත් සී දොඩාවත්ත හා ව්‍යාපාරික සම්පත් මෙරිඤ්ඤගේ ඇතුලු පෙත්සම්කරුවන් 11 දෙනෙකු විසින් ගොනු කරනු ලැබූ අතරමැදි පෙත්සම්ද අද සලකා බැලීමට නියමිතය.

More Stories