පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂයේ නාම යෝජනා අත්සන් කිරිම එහි නායක කේ. ආර්. ක්‍රිෂාන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙමින් පවති.
මෙවර පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂය ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක සදහා තරග කිරිමට අපේක්ෂයන් ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපේක්ෂකයන් නාම යෝජනා අත්සන් කරන අයුරු මෙහි දැක්වේ.

පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග වැදිමට ජන අරගල සංධානය  නාම යෝජනා බාර දිම සිදු කල බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ 2024 පාර්ලීමේන්තු මැතිවරණය සදහා මේ වන විට ජන අරගල සංධානයට අමතරව ස්වාධීණ කණ්ඩායමක්ද නාම යෝජනා බාර දිම සිදු කර ඇති බවත්ය.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලීමේන්තු මැතිවරණයට තරග කිරිම සදහා 09වන දින වන විට ස්වාධිණ කණ්ඩායම් 12ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවද නන්දන ගලබඩ මහතා පැවසිය.
නාම යෝජනා බාර දිමේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ලහිරු කලුගම්පිටිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටින ලදි.

නොවැම්බර් 14වන දින පැවැත්විමට නියමිත පාර්ලීමේන්තු මැතිවරණය සදහා ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නාම යෝජනා බාර දිම 09වන දින සවස සිදු කල බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ 09වන දින සවස වන විට පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග වැදිම සදහා පිලිගත් දේශපාලන පක්ෂ 02 හා ස්වාධිණ කණ්ඩායම් 02ක් නාම යෝජනා ලබා දිමට පියවර ගෙන ඇති බවත්ය.
එමෙන්ම මේ දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිම සදහා ස්වාධිණ කණ්ඩායම් 12ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවද නන්දසන ගලබඩ මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories