gossip lanka news

පාලන මිලට වඩා වැඩි මිලට සහාල් අලෙවි කල වෙළදුන් තිදෙනකුට රුපියල් ලක්ෂය බැගින් දඩ මුදල් ගෙවිමට හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් එම්. ෆරුස්ඩින් මහතා විසින් නියෝග කරන ලදි.

පසු ගිය දිනක පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් කරන ලද වැටලිම්වලදි පාලන මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරිමේ චෝදනා මත හැටන් ප්‍රදේශයේ වෙළදුන් තිදෙනකුට එරෙහිව හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදි.

පසු ගිය 20වන දින දින හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේදි එම නඩු කැදවු අවස්ථාවේ එකි චෝදනාවන්ට එම වෙළදුන් වරදකරුවන් වුයෙන් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් දඩ මුදල් ගෙවිමට හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් එම්. ෆරුස්ඩින් මහතා විසින් නියෝග කරනලදි.

More Stories