school

අද(25) සිට නැවතත් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ආරම්භ වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, අදින් ආරම්භ වන පාසල් පැවැත්වෙන්නේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්තින්දා දිනවල පමණක් වන බවයි.

අනෙක් දින දෙකේ එනම් බදාදා සහ සිකුරාදා දිනයන්හි නිවෙස්වල සිට ඉගෙනුම් කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබා දෙන බවත් නැතහොත් මාර්ගගතව ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණ කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

මේ අතර, දකුණු පළාත් සභාවට අයත් සියලු පාසල් අද සිට ලබන 29 වැනිදා දක්වා, සතියේ දින පහේම පැවැත්වීමට තීරණය කර ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා අද ප්‍රකාශ කළේ ය.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමකදී දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවන් මෙම තීරණය ගත් බවයි.

ප්‍රවාහන අපහසුතා හේතුවෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පැමිණීමට නොහැකි වන්නේ නම්, ඒ සඳහා පූර්ව අනුමැතියක් ලබාගත යුතු බවට ද දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ .

More Stories