news sinhala sri lanka

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (04) දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්වලට අද සහ හෙට (05) යන දෙදින නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

කළුතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලු පාසල් සඳහා ද අද දිනයේ නිවාඩු ලබාදී තිබේ.

ඊට අමතරව හෝමාගම, ගම්පහ සහ කැලණිය යන අධ්‍යාපන කලාපවල පාසල්වලට ද කඩුවෙල කොට්ඨාසයේ පාසල්වලට ද අද දිනයේ නිවාඩු ලබා දී ඇති බව වාර්තා වේ.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් පළාත් බලධාරීන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඉදිරි දිනවල පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

Similar Posts