දෛනිකව තහවුරු කෙරෙන කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණ සැලකිල්ලට ගනිමින් බිම් මට්ටමින් වෛරසය පැතිර යාම තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ එසේ පරීක්ෂණ සිදු නොකළහොත් රට කිසියම් ව්‍යවසනයකට ලක්වීමේ අවදානමක් පවතින බවයි.
එවන් පසුබිමක් තුළ සෞඛ්‍ය උපදෙස් යළි පිළිපැදීමට ජනතාව ද පියවර ගත යුතු බවයි ඔහු කියා සිටියි.පවතින තත්ත්වය හමුවේ මහජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන ඇති බවයි ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.