පොලිස්පති නිල කාර්‍යාලයෙන් ඉකුත් දෙසැම්බර් පළමු දා සියලුම ජෙය්ෂ්ඨ නියෝජය පොලිස්පතිවරුන්, නියෝජය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික්ක භාර නිලධාරීන් හා මූ.පො.ප/ ස්ථානාධිපතිවරුන් හට පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක් හඳුන්වා දී ඇත.

ඒ අනුව මහජනතාව විසින් පොලිස් ස්ථාන සහ අදාල ක්‍රියාකාරි කොට්ඨාස වෙතින් පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීමේ දී සහ ලබා ගැනීමට ක්‍රියා කිරීමේ දී සිදුවන විවිධ අපහසුතාවයන්ට ලක්වන බව හඳුනාගෙන ඇති අතර එම අපහසුතාවයන් මඟහරවා ගැනීමට මෙම නව පෝරමය හඳුන්වා දී තිබේ.

මෙම පෝරමය මහජනතාවට කිසිදු අපහසුතාවයකින් තොරව ලබා ගැනීම සඳහා උපසේවයේ තැබිය යුතු බවට මෙන්ම මෙම පෝරමය තබා ඇති ස්ථානයේ “පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීමේ පෝරමය” යනුවෙන් භාෂා ත්‍රිත්වයෙන්ම සඳහන් කල යුතු බවට ද පොලිස්පතිවරයා උපදෙස් දී ඇත. එමෙන්ම මෙම පෝරමය නොමිලේ ලබා ගන්නා ලෙසට දැනුම් දීමට මෙන්ම ඒ සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය පිළිබද දැනුවත් කිරීමට දැන්වීමක් ද ප්‍රදර්ශනය කරන ලෙස තවදුරටත් උපදෙස් දී ඇත.

තවද නුදුරේදී ම මෙම ආකෘතිපත්‍රය භාෂා ත්‍රිත්වයෙන්ම පොලිස් වෙබ් අඩවියේ පළ කරන බවට ද වාර්තා වේ.

aithiya

More Stories