පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනා ගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණ ඇති බවට අනාවරණය විම හේතුවෙන්.

පවතින අවදානම සැළකිල්ලට ගනිමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද පෙරවරුවේ පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

සිල්ලර වෙළඳ කටයුතු සිදු කිරීමේ අරමුණින් මාළු මිලදී ගැනීමට වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රවේශ වීමෙන් වළකින ලෙස අමාත්‍යංශය වෙළෙන්දුන්ට දැනුම් දී ඇත.

More Stories