පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බව අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා.පින්නවල අලි අනාථාගාරයට වසර 50ක් සපිරිම වෙනුවෙන් එම පරිශ්‍රයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.1975 වසරේ දී පී බී ජී කළුගල්ල මහතාගේ මූලිකත්වයෙන් අලි අනාථාගාරය ආරම්භ කෙරුණා.
අක්කර 25ක භූමි ප්‍රදේශයක පිහිටි මෙහි දැනට අලි ඇතුන් 68 දෙනෙකු සිටිනවා.මෙම උත්සවයට සමගාමීව චිත්‍ර, නිසදැස්, වීඩියෝ හා ඡායාරූප තරගවලින් ජයග්‍රහණය කළ අයට තිළිණ හා සහතිකපත් පිරිනැමීම ද සිදුවුණා.
පින්නවල අලි අනාථාගාරයේ පළතුරු පැළ සිටුවීමේ වැඩසටහනක්ද ආරම්භ කළා.